වළි කුකුළා
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර යා ලඳුකැලෑවල වාසය කරන පක්ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්ෂානාරී කුළෑටි පක්ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති.
ශ්‍රි ලංකා අලියා
ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සසදන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකාව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකාවට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භෑමි වලට සිමා වී ඇත
අභයගිරි දාගැබ
අනුරාධපුරයේ තිබෙන පූජනීය ස්ථාන දාහතෙන් එකක් මෙන්ම එහි පිහිටි ප්‍රධාන විහාර පහෙන් විශාලතම විහාරය විය. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය.
දුන්හිඳ ඇල්ල
බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.
සීගිරිය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය.