වළි කුකුළා
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර යා ලඳුකැලෑවල වාසය කරන පක්ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්ෂානාරී කුළෑටි පක්ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති.
ශ්‍රි ලංකා අලියා
ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සසදන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකාව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකාවට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භෑමි වලට සිමා වී ඇත
අභයගිරි දාගැබ
අනුරාධපුරයේ තිබෙන පූජනීය ස්ථාන දාහතෙන් එකක් මෙන්ම එහි පිහිටි ප්‍රධාන විහාර පහෙන් විශාලතම විහාරය විය. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය.
දුන්හිඳ ඇල්ල
බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.
සීගිරිය
පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය.
චන්දිමාල් ගැන මහේලගෙන් ඉඟියක්
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් (Scorecard)
සී.බී.කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(24) පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 03 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. හෝබාට්හි දි පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 280 ක් ලබාගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පීටර් ෆොරෙස්ට් ලකුණු 104 ක් ලබාගත් අතර මයිකල් ක්ලාක් ලකුණු 72 ක් ලබාගත්තේය.
පන්දු යැවීමේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 පන්දු 02 ක් තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 283 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ නායක මහේල ජයවර්ධන ලකුණු 85 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ද රැස්කළේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු 03 ක් ද, බෙන් හිල්ෆෙන්හෝස් කඩුලු 02 ක් ද දවාගැනීමට සමත්විය.
- ODI no. 3248 | 2011/12 season
- Played at Bellerive Oval, Hobart
- 24 February 2012 - day/night (50-over match)
| Australia innings (50 overs maximum) | R | B | 4s | 6s | SR | |||
| MS Wade† | c Jayawardene b Kulasekara | 5 | 7 | 1 | 0 | 71.42 | ||
| DA Warner | c †Sangakkara b Maharoof | 7 | 13 | 0 | 0 | 53.84 | ||
| PJ Forrest | c Maharoof b Mathews | 104 | 138 | 10 | 2 | 75.36 | ||
| MJ Clarke* | c Perera b Mathews | 72 | 79 | 5 | 2 | 91.13 | ||
| MEK Hussey | b Malinga | 21 | 14 | 0 | 2 | 150.00 | ||
| DJ Hussey | not out | 40 | 28 | 2 | 1 | 142.85 | ||
| DT Christian | st †Sangakkara b Herath | 6 | 6 | 0 | 0 | 100.00 | ||
| B Lee | not out | 20 | 15 | 1 | 1 | 133.33 | ||
| Extras | (b 1, lb 1, w 3) | 5 | ||||||
| Total | (6 wickets; 50 overs) | 280 | (5.60 runs per over) | |||||
| Did not bat RJ Harris, XJ Doherty, BW Hilfenhaus |
| Fall of wickets 1-5 (Wade, 1.5 ov), 2-27 (Warner, 6.4 ov), 3-181 (Clarke, 38.1 ov), 4-201 (Forrest, 40.2 ov), 5-243 (MEK Hussey, 44.5 ov), 6-250 (Christian, 45.6 ov) |
| Bowling | O | M | R | W | Econ | |||
| SL Malinga | 10 | 0 | 56 | 1 | 5.60 | (2w) | ||
| KMDN Kulasekara | 10 | 0 | 59 | 1 | 5.90 | |||
| MF Maharoof | 10 | 0 | 40 | 1 | 4.00 | |||
| HMRKB Herath | 9 | 0 | 45 | 1 | 5.00 | |||
| AD Mathews | 7 | 0 | 43 | 2 | 6.14 | |||
| NLTC Perera | 4 | 0 | 35 | 0 | 8.75 | (1w) |
| Sri Lanka innings (target: 281 runs from 50 overs) | R | B | 4s | 6s | SR | |||
| DPMD Jayawardene* | st †Wade b Doherty | 85 | 81 | 6 | 1 | 104.93 | ||
| TM Dilshan | c Forrest b Hilfenhaus | 3 | 9 | 0 | 0 | 33.33 | ||
| KC Sangakkara† | c Warner b Christian | 22 | 22 | 2 | 0 | 100.00 | ||
| LD Chandimal | lbw b Harris | 80 | 100 | 7 | 0 | 80.00 | ||
| HDRL Thirimanne | c Hilfenhaus b Christian | 24 | 34 | 1 | 0 | 70.58 | ||
| AD Mathews | c Warner b Christian | 24 | 31 | 1 | 0 | 77.41 | ||
| MF Maharoof | c Harris b Hilfenhaus | 5 | 7 | 0 | 0 | 71.42 | ||
| NLTC Perera | not out | 21 | 11 | 2 | 1 | 190.90 | ||
| KMDN Kulasekara | not out | 4 | 1 | 1 | 0 | 400.00 | ||
| Extras | (b 1, lb 6, w 8) | 15 | ||||||
| Total | (7 wickets; 49.2 overs) | 283 | (5.73 runs per over) | |||||
| Did not bat SL Malinga, HMRKB Herath |
| Fall of wickets 1-55 (Dilshan, 7.6 ov), 2-90 (Sangakkara, 13.5 ov), 3-153 (Jayawardene, 26.2 ov), 4-202 (Thirimanne, 36.5 ov), 5-243 (Chandimal, 44.2 ov), 6-250 (Maharoof, 45.5 ov), 7-267 (Mathews, 48.3 ov) |
| Bowling | O | M | R | W | Econ | |||
| B Lee | 9.2 | 0 | 63 | 0 | 6.75 | |||
| BW Hilfenhaus | 10 | 0 | 51 | 2 | 5.10 | (2w) | ||
| RJ Harris | 6 | 0 | 43 | 1 | 7.16 | (1w) | ||
| DT Christian | 8 | 0 | 53 | 3 | 6.62 | (1w) | ||
| XJ Doherty | 10 | 1 | 35 | 1 | 3.50 | |||
| MJ Clarke | 5 | 0 | 27 | 0 | 5.40 | |||
| DJ Hussey | 1 | 0 | 4 | 0 | 4.00 |
| Match details |
| Toss Australia, who chose to bat Points Sri Lanka 4, Australia 0 |
| Player of the match DPMD Jayawardene (Sri Lanka) |
| Umpires BF Bowden (New Zealand) and BNJ Oxenford TV umpire SD Fry Match referee BC Broad (England) Reserve umpire GC Joshua |
| Match notes |
|
තෙල් මිල වැඩි කළේ උද්ධමනය අඩුම අවස්ථාවකයි
ප්රශ්නය - එකවර විශාල මුදලකින් දේශීය තෙල් මිල ගණන් රජය විසින් මෑතදී වැඩි කළා. ඒ නිසා බස් ගාස්තු වෙනත් ප්‍රවාහන ගාස්තු සහ විදුලි ගාස්තු වැඩිවීම ඇතුළුව බඩු මිල ගණන් ඉහළ යැම නිසා ජනතාවගේ ජීවත් වීමේ ප්රශ්නය තවත් උග්‍ර වී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා. ඔවුන් කියන්නේ ලාභයකුත් තියාගෙන පෙට්‍රල් රු. 110 ට සහ ඩීසල් රු. 99 ට ලබාදිය හැකි බවයි. මෙහි ඇත්තක් තිබෙනවාද?
පිළිතුර - ඒක වැරැදියි. තෙල් මිල දෙස පමණක් හුදෙකලාව බලන්න බැහැ. ලෝකයේ රටවල් තෙල් විකුණන මිල ගණන් බැලුවොත් එය විශාල පරාසයක විහිදී තිබෙනවා. වෙනිසියුලාවේ ඩොලර් ශත 21 ට විකුණන තෙල් ලීටරය තුර්කියේ විකුණන්නේ ඩොලර් ශත 200 කට පමණ, ඒ අනුව විවිධ රටවල තෙල් මිල ගණන් තීරණය කිරීම, එක එක ආකාරයට කෙරෙනවා. මෙතැනදී සමහර අය රජයේ ආයතන සම්පූර්ණයෙන්ම පාඩු බවට පත්කරලා, ඒව ගන්න උත්සාහ කරනවා. අපි දැක්ක ඕක ඉස්සර කෙරුවා. එනම් ලාභ ලබන්න පුළුවන් වගේම සාමාන්‍යයෙන් ලාභ පාඩු නොලබන තත්ත්වයේ පවතින ආයතනත්, ඒ අය පාඩු ලබන තත්ත්වයකට යොමු කරවල, ඒ ආයතන විනාශ කරල, ඒවා පෞද්ගලික අංශයට විකුණපු යුගයක් තිබුණා. ඒ නිසා තෙල් මිල අඩුවෙන් දෙන්න පුළුවන් කියා එවැනි අය තර්ක කිරීම පුදුමයට කරුණක් නොවෙයි.
මෙහිදී මේ තෙල් මිල ගණන් තීරණය කර තිබෙන්නේ, තෙල් අලෙවියෙන් වැඩි ලාභයකුත් ලබන්නෙ නැති පරිදි සහ වැඩි පාඩුවකුත් සිදු නොවන පරිදියි. පෙට්රල්වලට රු. 25 ක සහ ඩීසල්වලට රු. 2.50 ක බද්දක් තියෙනවා. හේතුව ඒ මුදල්වලින් තමයි මේ පාරවල් නඩත්තු කරන්නේ. පසුගිය කාලය තුළ මෙරට මාර්ග සංවර්ධනයේ විශාල දියුණුවක් වෙලා තියෙනවා. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒක ඉබේම සිදුවූ දෙයක් නොවෙයි. ඒ සඳහා විශාල මුදල් ආයෝජනයක් සිදු කර තිබෙනවා.
ප්රශ්නය - පොදු ප්‍රවාහනයට වඩාත් බලපාන්නේ ඩීසල්. එසේ නම් පෙට්රල්වලට වඩා ඩීසල් මිල වැඩියෙන් වැඩි කර තිබෙන්නේ ඇයි?
පිළිතුර - ලෝකෙ හැමතැනම වගේ ඩීසල් මිල, පෙට්‍රල් මිල හා සමානයි. එහෙම නැත්නම් ඩීසල් මිල පෙට්‍රල් මිලට වඩා වැඩියි. පිටරටින් ඩීසල් ගෙන්වීමේදීත් ඒ තත්ත්වය තියෙනවා. අපි තවමත් සම්පූර්ණයෙන්ම තෙල් පිටරටින්නේ ගෙන්වන්නේ. අපි සියයට 40 ක් පමණ ගේනව බොරතෙල් ලෙස. සියයට 60 ක් පමණ පිරිපහදු නිෂ්පාදිත ලෙස ගේනවා. ඒක අපිට ගන්න වෙන්නේ පවතින ලෝක තෙල් මිල ගණන් අනුවයි. බොහෝ අවස්ථාවලදී මේ පෙට්‍රල් මිලට වඩා ඩීසල් මිල වැඩියි. ඒ වුණත් අපේ රටේ ඩීසල් ලබා දෙන්නේ පෙට්රල්වලට වඩා අඩුවෙන්. එහෙම කරන්නේ යම් සහනයක් ලබා දෙන්නයි. එහෙත් මම කිව්ව තත්ත්වය අපට සම්පූර්ණයෙන්ම අමතක කරල දාන්න බැහැ. තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබල එය විනාශ කරල දැම්මොත්, එවිට ජනතාවට මීට වඩා බරක් දරන්න සිදුවෙන්න පුළුවන්.
සමහර දේශපාලනඥයො මේ ගැන කතා කරනව මම දැකල තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ තෙල් සංස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරල, ඒක කුණු කොල්ලයට අරගෙන ඊට පසු ඒ අයට අවශ්‍ය ලෙස තෙල් මිල වැඩි කරන්න. අපි දැක්කනෙ ඕක ගෑස්වලිනුත් කළා. ඒ නිසා එවැනි තත්ත්වයක් නොවන පරිදි මේ සංස්ථාව රැකගන්න අපි වග බලා ගත යුතුයි.
තෙල් මිල වැඩි කළ විට ජනතාවට යම් බරක් පැටවෙන නමුත් මෙය රජය සිදු කර තිබෙන්නේ උද්ධමනය අඩුම අවස්ථාවකයි. ජනවාරි මස අගදී උද්ධමනය සියයට 3.8 ට අඩුවුණා. එය කාලෙකින් පසු වාර්තා වූ අඩුම උද්ධමන මට්ටමක්. උද්ධමනය අඩු නිසා මේ අවස්ථාවෙ ජනතාවට දැනෙන පීඩනය අවමයි කියන්න පුළුවන්. තෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට කලින්. උද්ධමනය සියයට 7 ට වගේ තිබුණා. ගිය වසරේ අගෝස්තුවලදී. ඒ අවස්ථාවේදී තෙල් මිල වැඩි කළා නම් ජනතාවට දැනෙන පීඩනය මීට වඩා වැඩියි. උද්ධමනය සියයට 10 කට පමණ ඉහළ යන්නත් තිබුණා.
ප්රශ්නය - පසුගිය දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පිරිහීමට ලක් වුණා. දැන් තරමක ස්ථායි තත්ත්වයක් තිබෙන බවක් පෙනෙනවා. අපට දැනගන්නට ඇති පරිදි ඉකුත් පෙබරවාරි 08 වැනිදා සිට රුපියල තීරණය වීමේ කටයුත්ත වෙළෙඳපොළ බලවේගවලට ඉඩහැර තිබෙනවා. එසේම තෙල් බිල් පියවීමට පමණක් විනිමය සපයන බවක් පැවසෙනවා. විනිමය අනුපාත ප්‍රතිපත්තිය ගැන ආනයනකරුවන් සහ අපනයනකරුවන් ඇතුළු ආර්ථිකයේ විවිධ පාර්ශ්වයන්ට විශ්වාසයක් තිබිය යුතුයි. ඒ නිසා ඉදිරියේදී මහ බැංකුව විසින් අනුගමනය කරන විනිමය අනුපාත ප්‍රතිපත්තිය කුමක්ද?
පිළිතුර - එය පැහැදිලි කිරීමට පෙබරවාරි 15 දින අප නිල ප්‍රකාශයකුත් කළා. එය ඉතා වැදගත්. ඒ අනුව අපි යම් වෙනසක් සිදු කර තිබෙනවා. මුලින් අපේ මැදිහත්වීම තිබුණේ, යම් රුපියලේ අගයක් අනුවයි. එතකොට රුපියලේ ඒ අගය තීරණය වීමට වඩා ඉහළ ඉල්ලුමක් ඩොලර්වලට තිබුණොත්, අපි ඒ විනිමය සපයනව කිව්වා. ඒ වගේම රුපියලේ එම අගය තීරණයවීමට වඩා ඩොලර් සැපයුමක් තිබේ නම් අපි ඒ ඩොලර් ගන්නව කියලත් කිව්වා. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දෙපැත්තෙන්ම ඉඳල අපි විනිමය අනුපාතයේ ස්ථාවරත්වයක් ඇති කරල තිබුණා. එවිට අපේ රුපියලේ අගය වැඩියෙන් ඉහළ හෝ පහළ යන්නේ නෑ. ඒ නිසා ආර්ථිකයේ සෑම පාර්ශ්වයකටම විශ්වාසයෙන් යුතුව වැඩ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇතිකරල තිබුණා.
මේ අතර ඒ දෙයම යම්කිසි විශේෂිත වෙනස් ආකාරයකට කරන්න පුළුවන් බවත් අපට පෙනී ගියා. එනම් වෙළෙඳපොළේ ඇති වැඩකටයුතු තවත් සාර්ථකව කර ගැනීමටත්, අපේ මැදිහත්වීම යම් නිශ්චිත තැනකට ගෙන ඒම සඳහාත් අපි තෙල් සඳහා අවශ්‍ය වන වියදම් පියවීමට වෙළෙඳපොළෙන් බැහැරව විදේශ විනිමය ලබා දීමට තීරණය කළා. අපි ඒ අවශ්‍ය විනිමය ප්‍රමාණය හඳුනාගෙන, එය වෙනමම ලබා දෙනවා. මේ අතරම රටට ගලා එන මහා පරිමාණයේ විදේශ විනිමය ලැබීම් තිබෙනවා. එනම් කොටස් වෙළෙඳපොළට, රජයේ බැඳුම්කරවලට මෙන්ම රාජ්‍ය ණය සඳහා වන විදේශ විනිමය ලැබීම් ප්‍රමාණය අපි වෙනමම ශ්‍රී ලංකා මහ බැංකුවට ගන්නවා. වෙළෙඳපොළෙන් බැහැරව එය සිදු කරන නිසා විදේශ විනිමය වෙළෙඳපොළේ උච්චාවචනය බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්.
ඒ සමගම අපි වෙළෙඳපොළට කිසියම් මාර්ගෝපදේශයකුත් ලබා දුන්නා. එනම් එවැනි තත්ත්වයකින් පසු, රුපියලේ අගය පවතින්නේ මෙන්න මේ වගේ තලයක කියලා. ඒ වෙනස්කම් අනුව රුපියලේ අගය ඉතාමත් හොඳ ආකාරයට, දැඩි උච්චාවචනවලින් තොර යථා තත්ත්වයකට දැන් ඇවිත් තියෙනවා. ඕනම ප්‍රතිපත්ති වෙනසක් සිදුකරන විට තාවකාලිකව යම් අපැහැදිලිතාවක් ඇති වෙනවා. ඒක ස්වාභාවික දෙයක්. ඉන්පසු වෙළෙඳපොළ ඒ තත්aත්වයට හුරු වෙනවා. දැන් ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා.
ප්රශ්නය - පසුගිය කාලයේ දිගින් දිගටම ආනයන වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ හිඟය ඉහළ ගියා. නමුත් අපනයන එපමණටම වැඩි වූයේ නැහැ. ඒ නිසා දැනට ඉහළ මට්ටමක පවතින වෙළෙඳ හිඟය අඩු කරගැනීම සඳහා ආනයන සහ විනිමය පාලන ක්‍රියාමාර්ග හඳුන්වාදීමේ සූදානමක් තිබෙනවාද?
පිළිතුර - ඔබ කියන කතාවෙ යම් සාධාරණ තර්කයක් තියෙනවා. හේතුව, එක කාලයත් තිබුණා එවැනි ආනයන අධෛර්යමත් කිරීම සඳහා නොයෙකුත් තහංචි පැනවීම්. ඒ හුඟක් ඒව දැන් අයින් කරල. මේ නිසා අපේ වෙළෙඳ පරතරය ඉතාමත්ම ඉහළ තත්ත්වයකට යනව නම්, අපිට සමහර විට ඒ ගැන කල්පනා කරන්න සිදු වෙන්න පුළුවන්. දැනට අපි හිතාගෙන ඉන්නේ එවැනි තත්ත්වයක් අවශ්‍ය නැති වෙයි කියලයි. එහෙත් ආනයන පාලනය කිරීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග (උපක්‍රම) තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරනවද නැතිද යන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයට තීරණය කරන්න පුළුවන්.
අනවශ්‍ය දේවල් ආනයනය කිරීම සීමා නොකරන්නේ මන්දැයි බොහෝ දෙනෙක් අපෙන් අහලා තියෙනවා. මේ ගැන පුවත්පත් ලිපි රැසකම සාකච්ඡා කරලත් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් වගේම එතරම් අත්‍යවශ්‍ය නොවන දේවලුත් එක වගේම ආනයනය කිරීමට ඉඩ දෙන්නේ ඇයි කියන තර්කයේ සාධාරණත්වයක් තියෙනවා. එහෙත් තවමත් එවැනි දුෂ්කර තත්ත්වයක් මතු වී නැහැ. ඉදිරි මාස කිහිපය තුළදී අප දැනටමත් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා, ආනයනවල අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා. එහෙත් ආනයනවල අවම වීමක් වෙන්නෙ නැත්නම්, සමහරවිට එවැනි ආනයන පාලන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන අපට අවධානය යොමු කරන්න පුළුවන්. එවැනි තත්ත්වයක් දැනට මතුවෙලා නැහැ.
ප්රශ්නය - පසුබෑමට ලක්වී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදා ගන්නා බවට චෝදනාවක් තියෙනවා. මේ ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර - ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපි කොටස් වෙළෙඳපොළේ කොටස් නියමිත අවස්ථාවලදී මිලදී ගන්නව. ඒ වගේම සුදුසු අවස්ථාවලදී විකුණනවා. සමහර කොටස් අපි දිගුකාලීන ප්‍රවේශයක් අනුව මිලදී ගන්නව. එනම් දිගුකාලීනව තියාගන්න අපේක්ෂා කරන කොටස් තියෙනව. කෙටි කාලීනව ගනුදෙනු කරන්න බලාපොරොත්තුවෙන් ගන්න කොටස් තියෙනවා. මේවා ඉතාමත් විද්‍යාත්මක ආකාරයට, අපේ ඉහළම දැනුමක් හා පුහුණුවක් තිබෙන ආයෝජන උපදේශකයන් තමයි සිදුකරන්නේ. ඒ නිසා ඒ අය විවිධ අවස්ථාවලදී කොටස් වෙළෙඳපොළේ කොටස් මිලදී ගන්නව. ඒක කරන්නේ කොටස් වෙළෙඳපොළට විශේෂ තල්ලුවක් දෙන්න නොව, අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට දිගුකාලීනව හොඳ ප්‍රතිලාභයක් ලබාදීමටයි. මිල වැටිච්ච වෙලාවෙ ගන්න ඕන. ඒක නුවණට හුරු කටයුත්තක්. ඒ නිසා ඔය චෝදනාව සම්පූර්ණ වැරැදි එකක්.(copy by::දිවයින සීමාසහිත උපාලි පුවත්පත් සමාගම)


2/25/2012 12:37:00 PM





