තීරැ බදු සහනය ඇත්තටම සාමාන්‍ය ජනයාට වාසිද අවාසිද

කතා බහ කරන ආකාරයට වාහන වල බදු අඩු කරාට බයිසිකල් වල මිල ගනන් වැඩිවේ යැයි පවසයි.සාමාන්‍ය වියාපාරිකයින් වැඩියෙන් භාවිතයට ගැනෙන ජපානයෙ ආනයනය කරන MD 90 හෙවත් තැපැල් නයින්ටි වල මිල මෙම බදු සහනය නිසා රැ.40000 කට වැඩි මුදලකින් මිල ඉහල ගොස් ඇත.එයට හේතුව පනවන ලද නව බදු හේතු වෙනි.සාමාන්‍ය ජනයා වැඩියෙන්ම මිලට ගන්නා බයිසිකලයේ මිල ඉහල යාම නිසා  මේකියන සහනෙ ඇති වැඩේ කිමද?

අපේ රටේ රථවාහන නීති හදල තියෙන්නෙ අපේ ආරක්ෂාවටද නැත්නම් පොලීස් අයියලට ජරාව කන්නද?

මම මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනෙ හොදට මේවයෙන් හෙම්බත් වෙලා.ඇත්තටම හරියට බැළුවොත් අපේ රටේ නිති එක්ක බැළුවහම වාහනයක් ගත්තට පාරෙ යන්න බෑ.පාරවල් හදන්නැතිය යන එන වාහනවලට සීමා නිති දාන එක තමයි අපේ රටේ කෙරෙන්නෙ.හොදට ඉඩකඩ තියෙන පාරකවත් 70-80 යන්න බෑ.අද යන්න තියෙන ගමනක් දවස් දෙකකට කලින්වත් පිටත් වෙන්න ඕන.නැත්තම් 1km න් 1km ඉන්න පොලිස් අයියල නවත් වල කියන නීති රීත වලට, දඩ වලට,ජරාවලට(ඒ කිවුවෙ අල්ලස් වලට ) මූන දුන්නම යන ගමනෙනුත් වගතුවක් නෑ.නීති රීති පෙන්නල ඉල්ලන්නෙම ජරාවම තමා.හැම කෙනෙක්මත් එහෙම නෑ මොකද එහෙම කිවුවොත් වැරදි හොද නිතිගරැක යතාර්ථය දකින පොලිස් අයියලත් නැතිව නෙමේනෙ.
හැබැයි ලොකු ලොකු කාර්,කැබ්, ප්‍රාඩෝ වගේ වාහන දිහා ඇහැක් ඇරල බලන්නැති පොලිස් අයියල... බයික් එකත් එතකොට ත්‍රීවිල් එකක් දැක්කහම පාරෙ ඉදගන්නව.කොහොම හරි ඩදකොලයක් දෙන මුවාවෙන් කීයක් හරි කොටා ගන්නව.
කළු වීදුරැ කරපු වාහන වල දැන් අයිත් ගලවන්න කියල නිතියක් ආල.මොකද මේගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ අයිස්ලන්තෙ කියල වෙන්නැති.වීදුරැ කළුකරන්නෙ රස්නෙ අඩු වෙන්නනෙ.. මේගොල්ලො කීයන්නෙ වීදුරැ කළු කරන් යන්නෙ හොරැ,තක්කඩි,කුපාඩියො කියලනෙ.පොලීසියෙ දුර්වල කම්වලට අපරාද අඩුකර ගන්න බැරිවුනාම පලි වාහන කළු වීදුරැ කිරීම තමා.ඇත්තම කතාව තමා කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද අපිට මේවා වෙලා මදි.නොගැලපෙන උගත් මෝඩයො පත් කරාම රටටකට මෙහෙම වෙනඑක නවත් වන්න බෑ.මේරටේ නිදහසේ යන්න පුළුවන් පයින් විතරයි....ඒකවත් කවුරැහරි නීතියක් හදාවිද දන්නෑ...මොකද රජය නඩත්තු කරන්නත් මුදල් ඕන ඇතිනෙ.
 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala