මම මෙහෙම දෙයක් ගැන ලියන්න හිතුනෙ හොදට මේවයෙන් හෙම්බත් වෙලා.ඇත්තටම හරියට බැළුවොත් අපේ රටේ නිති එක්ක බැළුවහම වාහනයක් ගත්තට පාරෙ යන්න බෑ.පාරවල් හදන්නැතිය යන එන වාහනවලට සීමා නිති දාන එක තමයි අපේ රටේ කෙරෙන්නෙ.හොදට ඉඩකඩ තියෙන පාරකවත් 70-80 යන්න බෑ.අද යන්න තියෙන ගමනක් දවස් දෙකකට කලින්වත් පිටත් වෙන්න ඕන.නැත්තම් 1km න් 1km ඉන්න පොලිස් අයියල නවත් වල කියන නීති රීත වලට, දඩ වලට,ජරාවලට(ඒ කිවුවෙ අල්ලස් වලට ) මූන දුන්නම යන ගමනෙනුත් වගතුවක් නෑ.නීති රීති පෙන්නල ඉල්ලන්නෙම ජරාවම තමා.හැම කෙනෙක්මත් එහෙම නෑ මොකද එහෙම කිවුවොත් වැරදි හොද නිතිගරැක යතාර්ථය දකින පොලිස් අයියලත් නැතිව නෙමේනෙ.
හැබැයි ලොකු ලොකු කාර්,කැබ්, ප්‍රාඩෝ වගේ වාහන දිහා ඇහැක් ඇරල බලන්නැති පොලිස් අයියල... බයික් එකත් එතකොට ත්‍රීවිල් එකක් දැක්කහම පාරෙ ඉදගන්නව.කොහොම හරි ඩදකොලයක් දෙන මුවාවෙන් කීයක් හරි කොටා ගන්නව.
කළු වීදුරැ කරපු වාහන වල දැන් අයිත් ගලවන්න කියල නිතියක් ආල.මොකද මේගොල්ලො හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ අයිස්ලන්තෙ කියල වෙන්නැති.වීදුරැ කළුකරන්නෙ රස්නෙ අඩු වෙන්නනෙ.. මේගොල්ලො කීයන්නෙ වීදුරැ කළු කරන් යන්නෙ හොරැ,තක්කඩි,කුපාඩියො කියලනෙ.පොලීසියෙ දුර්වල කම්වලට අපරාද අඩුකර ගන්න බැරිවුනාම පලි වාහන කළු වීදුරැ කිරීම තමා.ඇත්තම කතාව තමා කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද අපිට මේවා වෙලා මදි.නොගැලපෙන උගත් මෝඩයො පත් කරාම රටටකට මෙහෙම වෙනඑක නවත් වන්න බෑ.මේරටේ නිදහසේ යන්න පුළුවන් පයින් විතරයි....ඒකවත් කවුරැහරි නීතියක් හදාවිද දන්නෑ...මොකද රජය නඩත්තු කරන්නත් මුදල් ඕන ඇතිනෙ.
10 Comments:
අභිමානවත් ෙපාලිස් ෙස්වය කියන්ෙන් ඒකට තමයි.
පොලිස් අයියලගෙ ජරාව කෑම ගැනනම් කියල වැඩක් නෑ.දවසක් මම ත්‍රී වීලර් එකක් ඩ්‍රයිව් කරන් යනකොට (2002 දි)කෑගල්ල කිට්ටුවදි හයි ස්පීඩ් ඇල්ලුව.අතේ සල්ලි තිබුනෙත් නෑ.දඩ කොල ගන්නත් ඉතින් කැමති නෑනෙ.හයි ස්පීඩ් ඒ දවස් වල රුපියල් 200යි.අනික දඩ කොලේ ගන්නත් පොලිසියට යන්න එපායැ.දැන්නම් කොහොමද දන්නෙ නෑ.ඔය හේතු හින්ද මම ඉතින් අතේ තිබ්බ විදියට රුපියල් 50ක් ලයිසන් එක අස්සට දාල රාළාමි අතෙන් තිබ්බ.මෙන්න මෑන් ඒක බලල කියපි"යකෝ පනහද?මට ළමයි දෙන්නෙකුත් ඉන්නව" කියල.දැන් ඉතින් මොනා කරන්නද?අතේ සල්ලිත් නෑ.හයර් එකට යන අයගෙන් ඉල්ලල දෙන්නයැ.අමාරුවෙන් පින්සෙන්ඩු වෙලා යන්තම් මාරු උනා.
අපේ රටේ පාරවල් හැදෙන එකනම් හීනයක්.මම දැක්ක පත්තරේක තිබුන පහුගිය ආන්ඩුවෙ ඇමතිවරයෙක් කියල තියනව ලංකාවෙ අවුරුදු 200කට පාරවල් හදන්න ඕනෙ නෑ.සියලුම මාර්ග සංවර්ධනය කරල තියෙන්නෙ කියල.ඉතින් කවර කතාද?අනික තියන පාරවල් වල පයින් බයිසිකලේකින් යනව කියන්නෙ ජිවිතයත් මරණයත් අතර සටනක්.ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ස්ල තනිකරම පාරවල් අයිති කරගෙන.
පාරවල් වල ඉන්න පොලිස් අයියල අයින් කරන්නනම් ඒ හැම පාරකටම CCTV කැමරා පද්ධති සවි කරන්න ඕනෙ.ඉතින් ඔව්ව කරන්න රටේ සල්ලි කොහෙන්ද?දැනටමත් ඩොලර් බිලියන ගානක් ණයයි.අනික යන්තම් O/L පාස් උන කෙනාගෙ ඉදන් හැමෝම රජයේ රැකියා ඉල්ලගෙන එන්නෙ.ඉතින් CCTV හයි කරනවට වඩා අර මෑන්ට පොලිසියෙ වාගෙ තැනක ජොබ් එකක් දීල ආන්ඩුව පවත්වාගෙන යන එකනෙ මේ වෙලාවෙ වැදගත් වෙලා තියෙන්නෙ.
හෆොයි මට ඕකුන් හන්දා වෙච්ච හරිය බලන්නකෝ
http://rajitha-sannasa.blogspot.com/2010/05/blog-post.html
වසන්තට, මේ ලිපිය ලියන්න හේතු වුනු කතා ටිකත් ලිව්වනං තමයි හොඳ.
බලපු ඈයො නං කතා දෙකක් ලියල තියෙනවා.
යමෙක් ගසාකෑම නැතිවෙන්න නම් ඒ පුද්ගලයාගේ සේවයට සරිලන වැටුපක් ගෙවිය යුතුයි...තිත්ත ඇත්ත තමා පොලිස් මාමලට හම්බවෙන්නෙ ගොඩක් අඩු පඩියක්.....දුන් කකා පාරෙ කට්ට කන එක උඹල හිතන තරම් ලේසිනෑ.....
මටත් ඔය පොලිස් කට්ටියට ආදාරයක් දෙන්න උනා පෙට්‍රල් ගහන්න හික් හික්. කතාව බ්ලොග් එකේ ඇති මගේ.
මෙහෙමයි ඉතින්.. හොද අයත් නැත්තේ නැහ. ඒත් බහුතරය ජරාවට හුරු වෙලා දැන්.
පඩි අඩු ඇති,ඒ උනයැ කියල අනෙක් මිනිස්සු පලි නෑනෙ.මම නම් මේ ජරා යක්කුන්ට වතුරවත් දෙන්නෑ මැරෙන්න ගියත්...ඕ යස්
@indi
පොලිස් මාමලට ලැබෙන වැටුප හොදටම ඇති ජීවත් වෙන්න.එයාල තමන්ගෙ අවශ්‍යතා වැඩි කර ගත්තට රටේ අනිත් මිනිස්සු පලි නෑනෙ.
police karayanta padi madi
see this also
http://www.hitadlk.com/
to asanka
u can make some undarware shap in pettah...
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.