සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර....... සුභ නව වසරක් වේවා!
මම ලියන්න දෙයක් හොයන කොට මට හම්බ උනා අපේ අළුත් අවුරුදු චාරිත්‍ර සහ නැකැත් වෙලාවන් තියෙන ලිතක්.ඉතින් ගොඩක් ගෙවල් වල අළුත් අවුරුදු ලිත් තියෙනවා ඒත් කමක් නෑ නැති අයට දැනගැනීම පිනිස මම මේක ලියන්නෙ. (දැනට පවතින වෙලාවලට අනුව)
පරණ අවුරුද්ද සදහා ස්නානයකිරීම.
අප්‍රේල් මස 12 වන සදුදා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතානුස්මරනය කොට වාසය මැනවි.
අළුත් අවුරැදු උදාව.
2010 අප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 06.58 ට සිංහල අළුත් අවුරැදු අදා වෙයි.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි අගහරැවාදා මධ්‍යම රාත්‍රී 12.34 (14 වෙනිදා පෙ.ව 00.34ට)
සිට 14 වෙනි බදාදා ප.ව 01.22 දක්වා පුණ්‍ය කාලය පවතී.
ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වැනි බදාදා පෙ.ව 07.01 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා ලිප් බැද,ගිනි මොලවා,කිරි බතක්ද උදු මිශ්‍ර කැවිලි වර්ගයක් පිලියල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම,ගණු දෙනු කිරීම සහ ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වන බදාදා පෙ.ව 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කර ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරැ දිශාව බලා හිසට බෝපත්ද,පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සදහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 19 වෙනි සදුදා පෙ.ව 06.42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උදු මිශ්‍ර කැවිලි වර්ගයක් සහ කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.


4/10/2010 11:46:00 PM


0 Comments:
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.