මම පාවිච්චි කරන්නෙ Huawei E160 modem එකක්.window 7 වලට කරදරයක් නැතිව ගත්තට සමහර වෙලා වට හරිම වදයක්,ඒක drivers වල වැරද්දක්ද නැතිනම් කනෙක්ෂන් එකේද කියන්න දන්නෙ නැ.මොකද අපේ පැත්තෙ තවමත් 3G දීල නෑ.මම යන්නෙ GPRS හරහා.එපා වෙනව සමහර වෙලාවට.වේගය නම් අන්තිමයි.කවද අපිට 3G ලැබෙයිද කියල හිතාගන්න වත් බෑ.ලංකාවෙ තියෙන හැම network එකක්ම මෙහෙ
තියෙනවා හැබැයි එකක වත් 3G දීල නෑ.හැම usb line වලටම modem එක හරියට වැඩ කරන්නෙත් නෑ.කේබල් එකක් හරහා ගැහුවම modemඑක සමහර වෙලාවට ගන්නෙත් නෑ.
දැනට මම පාවිච්චි කරන්නෙ airtel Rs99 පැකේජ් එක,ඒකෙන් යනතම් net කනෙක් කර ගන්නවා.ඒකත් ගොඩක් වෙලා ට්රයි කරල තමා. ගොඩක් වෙලාවට මට වෙන problem එක තමයි ටික වෙලාවක් හොදට UP, Download වෙලා මුකුත්ම නොවී නිකන් තිබීම.ඒ දෝශය මොකේද කියලහිතා ගන්න බෑ. දෝෂෙ තියෙන්නෙ Network එකේද modem එකේද කියල තේරෙන්නෑ. 3G තියෙනතැන් වල අයට මේවගේ ප්රශ්ණ නැතිව ඇති. GPRS වලින් යන නිසාද දන්නෑ මෙහෙම දේවල් වෙන්නෙ.මේකට ගන්න විසදුමක් නැද්ද?


4/12/2010 08:33:00 AM
4 Comments:
මොකක්ද මේ 99 පැකේජ් එක.......එයර් ටෙල් ලා නෙට් කනෙක්ෂන් දීලද?
මමත් ඔය Airtel වලට කරා..වැඩෙ තියෙන්නේ මුන් තාම අපේ පැත්තට 3G දීලා නැනේ :(
රු.99 රීලෝඩ් කරහම 400mb දත්ත ලබා ගන්න පුළුවන්,විනාඩි 200 Airtel to Airtel කෝල්
ගන්නත පුළුවන්. Airtel to Airtel sms 1000 ලැබෙනවා.වලංගු වන්නෙ දින 30යි.
මට වතාවක් නැත්තං දෙකක් ඔය කියන වැඩේ වෙලා තියෙනවා Airtel වල. ඒ වෙලාවෙ මම මොඩෙමය disconnect කරලා ආයෙ connect කලාම හරිගියා. සමහරවිට ඕක Airtel වල අවුලක් වෙන්න ඇති.
@ඔජායෙ....
හීහී.. මේ රටේ නෙමේද හිටියේ? :D Airtel නෙට් කනෙක්ෂන් දුන්නේ මෙහේ වැඩ පටංගත්ත කාලෙමයි :D (just joking eh!)
Post a Comment
කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.